Lansa ICT Academy

Initiation and Evolution of Internet

අන්තර්ජාලයේ ආරම්භය සහ විකාශනය

Nishantha Lansakara

Admin

2022 Jan 27

                                                       මෙසේ අප භාවිත කරන අන්තර්ජාලයේ මූලිකම පියවර වන පරිගණක ජාලකරණය (Computer Network) නිර්මාණය වීම ARPANET හරහා ආරම්භවූයේ මිනිස් ඉතිහාසයේ නව පරිච්චේදයක ආරම්භය සනිටුවන් කරමිනි. ARPANET පරිගණක ජාලයෙන් ආරම්භ වූ අන්තර්ජාලයේ පළමු සටහන අඩසියවසක් පසුකරමින් අදවනවිට මුළු ලෝකයේම විසිරී පැතිරී ඇති දැවැන්තම පරිගණක ජාලය බවට පත්වී ඇත.                                             

     ARPANET පරිගණක ජාලය නිර්මාණය කිරීමට කටයුතු කල ARPA ව්‍යාපෘතියේ ප්‍රධානියා වූයේ ලැරී රොබට්ස් ය. 2019 වර්ෂයේ දී ලැරී රොබට්ස් මහතා මියගියමුත් ඩේටාග්‍රෑම් ක්‍රමයට තොරතුරු හුවමාරු කිරීමට පසුබිම් වන ගණිතමය ක්‍රමය (Queueing Theory) සොයා ගැනීමට මුල් වූ ලෙනාඩ් ක්ලේන්රෝක්  දැන් පසුවන්නේ 85 වැනි විහිය.ලෙනාඩ් ක්ලේන්රෝක් මහතා අන්තර්ජාලයේ පියා ලෙස සලකයි. මිනිසා සමාජීය හා තාක්ෂණික වශයෙන් සංවර්ධනය වීමට හේතු පාදක වූ නිර්මාණයක් සිදු කිරීමට දායක වූ අතලොස්සක් වූ මිනිසුන් අතරට ලැරී රොබට්ස් සහ ක්ලේන්රෝක් යන මහත්වරුන් පත් වූයේ රන් අකුරිනි.

Leonard Kleinrock

Leonard Kleinrock

ලෙනාඩ් ක්ලයින්රොක් ඇමරිකානු පරිගණක විද්‍යාඥයෙකි. යූසීඑල්ඒ හි හෙන්රි සැමුවෙලි ඉංජිනේරු හා ව්‍යවහාරික විද්‍යාවේ මහාචාර්යවරයෙකු වන ඔහු පරිගණක විද්‍යා ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන් පරිගණක ජාලකරණයේ දත්ත සන්නිවේදනයේ න්‍යායික පදනම් සඳහා වැදගත් දායකත්වයන් කිහිපයක් ලබා දුන්නේය.

අන්තර්ජාලය හා සබැඳි සේවා

                                            අන්තර්ජාලය ඔස්සේ අප ලබාගන්නා සේවා සහ ලෝක ව්‍යාප්ත ජාලය මගින් අප සිදුකරන කාර්යයන් ඇතැම් විට වරදවා තේරුම් ගන්න අවස්ථා නැතුවාම නොවේ. මෙම කොටස වෙන් වන්නේ එම කරනාව පැහැදිලි කරගැනීම සඳහාය .

                  1969 දී ARPANET වලින් ආරම්භ වූ අන්තර්ජාලය (Internet) අද වන විට මුළු ලෝකය පුරාම විහිදී පැතිරී ඇති ලොව විශාලතම පුළුල් ප්‍රදේශ ජාලය බව අප මිට ඉහතදී පැහැදිලි කරගත්තෙමු .මේ වන විට අපගේ අන්තර්ජාලය ග්‍රහලෝක වල සිට ප්‍රවේශ කල හැකි ආකාරයටද සංවර්ධනය කරමින් පවතී.එය අන්තර් ග්‍රහලෝක අන්තර්ජාලය හෙවත් Interplanetary Internet (IPN) ලෙස හඳුන්වනු ලබයි. 

internet Service

                                 මෙම අන්තර්ජාලය තුල අප විසින් එකිනෙකට වෙනස් සේවාවන් විශාල ප්‍රමාණයක් භාවිත කරන්නෙමු. අන්තර්ජාලය කියූ සැනින් අප හට ලෝක ව්‍යාප්ත ජාලය හෙවත් World Wide Web (WWW.) මතකයට නැගුනද ඊට අමතරව ක්‍රියාත්මක වන  සේවාද විශාල ප්‍රමාණයකි. එය අප මෙසේ පැහැදිලි කර ගනිමු .රජයේ රෝහලක් කියූ සැනින් අපගේ මතකයට නිරායාසයෙන්ම සිහියට නැගෙනුයේ නේවාසික හා අනේවාසික ප්‍රතිකාර ලබාදෙන ආයතනයකි.  නමුත් රෝහලකින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව ග්‍රාමීය මට්ටමින් මාතෘ සායන පැවැත්වීම , පාසල් මට්ටමින් ශිෂ්‍ය සායන පැවැත්වීම , වසංගත වලට එරෙහිව එන්නත් කරන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යනාදී කාර්යන්ද සිදු කරනු ලබයි .    

                                        ඒ ආකාරයටම අන්තර්ජාලය ඔස්සේද ලෝක ව්‍යාප්ත ජාලයට අමතරව විවිධ වූ සේවාවන් අපවෙත ලබා දේ .ගැටළුව වනුයේ  එම සේවාවන්ගෙන් සමහරක් අප ලෝක ව්‍යාප්ත ජාලය ඔස්සේම භාවිත කරන බැවින් ඒවා පැහැදිලිව වෙන්කර ගැනීමට අපහසු වීමයි. ලෝක ව්‍යාප්ත ජාලයට අමතරව Internet මගින් ලබාගන්නා ප්‍රධාන සේවා කිහිපයක් පහත දැක්වේ .

                                ඉහත සඳහන් සේවාවන් අන්තර්ජාලයේ එකිනෙකට වෙනස් සේවාවන් ලෙස හඳුන්වා දිය හැක.

අන්තර්ජාලය තුල සැරිසරන සත්කාරකයින් හඳුනා ගැනීම.

                                               එදිනදා ජීවිතයේදී පුද්ගලයින් අනන්‍යව හඳුනා ගැනීමට සහ වෙනත් දේ අනන්‍යව හඳුනා ගැනීමට අප විසින් අංක සහ නාම ක්‍රම භාවිත කරන්නෙමු.උදාහරණයක් ලෙස ගත්කල පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා නම භාවිත කලද රටක් තුල පුද්ගලයින් අනන්‍යව හඳුනා ගැනීමට නම භාවිත කල නොහැකිය. මන්දයත් එකම නම ඇති පුද්ගලයින් රට තුල සිටින බැවිනි.එම නිසා රටක පුරවැසියෙකු අනන්‍යව හඳුනා ගැනීමට ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කල හැකිය. මන්ද යත් එකම නමින් එකිනෙකට වෙනස් පුද්ගලයින් සිටිය හැකි වුවද එකම ජාතික හැඳුනුම්පත් අංකය ඇති පුද්ගලයින් දෙදෙනෙකු සිටිය නොහැකි නිසාවෙනි.එසේම වාහනයක් අනන්‍යව හඳුනා ගැනීමට වාහන අංකයද , ජංගම දුරකථන සිම් පත් හඳුනා ගැනීමට ඊට අනන්‍ය වූ අංකයක්ද ඇත මේවා කිසිවිටෙක අනුපිටපත් නොවේ. තවත් වැදගත් කාරණයක් වනුයේ මෙම හඳුනා ගැනීමේ ක්‍රමවේද පිළිගත් එක ආයතනයකින් පමණක් පිරිනැමීමයි උදාහරණයක් කිවහොත් ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආයතනයෙන් පමණක් නිකුත් කෙරේ.

internet of things

                                     මේ ආකාරයටම අන්තර්ජාලයට සම්බන්ධ  උපකරණ අනන්‍යව හඳුනා ගැනීමැ සඳහාද අනන්‍ය ක්‍රමවේදයක් ඇත . එය අන්තර්ජාල ලිපින නැතහොත්  IP ලිපින (Internet Protocol Address) ලෙස හඳුන්වනු ලබයි.IP ලිපිනය සම්ප්‍රේෂණ පාලන ප්‍රොටොකෝලය (Transmission Control Protocol -TCP) සමඟ එකට සම්බන්ද වූ අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන ප්‍රධාන ප්‍රොටොකෝලයක් ලෙස හඳුන්වා දිය හැක .

                                               1977 දී වින්ටන්  ජි සර්ෆ්(Vinton  G Cerf) සහ රොබට් කාන් (Robbert Kahn) විසින් මෙම  TCP/IP ක්‍රියාවලිය අන්තර්ජාලයේ දත්ත හුවමාරුව සඳහා නිර්මාණය කල අතර  අද දක්වාම එය අන්තර්ජාලයේ භාවිත වන ප්‍රධාන නියමාවලියක් ලෙස හැඳින්විය හැකිය.මේ හේතුකොට ගෙන වින්ටන් සර්ෆ්  මහතා අන්තර්ජාලයේ පියා ( The Father of the Internet )ලෙස හඳුන්වයි. මෙම IP ලිපින ක්‍රමය මගින් අන්තර්ජාලය සම්බන්ධ  උපාංග වෙන් වෙන්ව හඳුනාගැනීමට හැකි අතර අද වන විට මෙම  IP ලිපින වල සංස්කරණ දෙකක්ද දැකිය හැක.

Internet Protocol Version 4 (IPv4)

                                       1981 දී හඳුන්වා දුන් IP ලිපින 4 සංස්කරණය සඳහා බිටු 32ක් භාවිතා වේ. එනම් IP ලිපිනය නිර්මාණය වනුයේ  බිටු 32 කිනි. බිටු 32ක් භාවිත කරන බැවින් මෙම IPv4 සංස්කරණය මගින් එකිනෙකට වෙනස් IP ලිපින 4294967296 ක් (232  = 4294967296 ) එනම් ආසන්න වශයෙන් IP ලිපින ­ බිලියන 4.3ක් නැතහොත් කෝටි 430ක් නිර්මාණය කල හැකි විය.

                      මෙසේ IP ලිපින කෝටි 430 ක් පැවතියද ඒවා සියල්ලම මහජනයාට අන්තර්ජාලය තුල තොරතුරු සන්නිවේදනය සඳහා එකසේ භාවිත කල නොහැකිය. පෞද්ගලික භාවිතය සඳහා ඇති IP ලිපින , අන්තර්ජාලයේ පරේෂණ කටයුතු සඳහා ඇති IP ලිපින හා වෙනත් තාක්ෂණික බාධා නිසා භාවිතයට ගත නොහැකි IP ලිපින ගත්කල එය IPv4 වල මුළු ලිපින ප්‍රමාණයෙන් 14% කි.බිටු 32ක් භාවිතා කර 1981 නිර්මාණය කල IPv4 හි ලිපින කෝටි 430 ,  2010 පමණ වන විට ක්ෂය වේයැයි  එදා එය නිර්මාණය කල නිර්මාතෘවරුන් නොසිතන්නට ඇත .නමුත් 2007 න් පසුව මෙම ලිපින ප්‍රමාණය වේගයෙන් ක්ෂය වන්නට වූයේ 2007 දී ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මහතා Apple iphone  එක නිර්මාණය  කිරීමත් සමඟය. එමගින් පරිගණක තිරයක් ඉදිරියේ අන්තර්ජාලය අතිරික්ෂණය (Brows)කල පරිශීලකයින් Apple iphone හා ඉන් පසුව පැමිණි සුහුරු ජංගම දුරකථන (Smart Mobile Phone) භාවිත කරමින් අන්තර්ජාලයට සම්බන්ද වූ උපාංග ප්‍රමාණය වේගයෙන් වැඩි වූ අතර එතෙක් භාවිතා වූ IPv4 සංස්කරණයේ ලිපිනද ප්‍රමාණවත් නොවන බව පෙනෙන්නට විය. මේ හේතුකොටගෙන විද්‍යාඥයින් IP ලිපින වල ඉදිරි පිම්මක් ගැන සිතන්නට විය.

Internet Protocol Version 6 (IPv6)

                                     අන්තර්ජාලයට සම්බන්ද වන උපාංග ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවත්ම IPv4 හි IP Address කෝටි 430 ප්‍රමාණවත්  නොවනු ඇතැයි එදා එහි නිර්මාතෘවරුන් නොසිතන්නට ඇත .ඒ අනුව එයට අලුත් විකල්පය වූ IPv6 කරලියට පැමිනියේය .

                       ඒ අනුව බිටු  128 කින් සමන්විත IPv6 ක්‍රමය හඳුන්වා දෙන ලදී. ඒ අනුව එමගින් IP Address 2128 ක ප්‍රමාණයක් ලබා දීමට හැකි විය. එය ගණනින් ට්‍රිලියන ,ට්‍රිලියන,ට්‍රිලියන 340 කි. ට්‍රිලියනයක් යනු බිලියන 1,000කි . එය තනි සංඛ්‍යාවක් ලෙස නම් කරන්නේ නම් අන්ඩෙසිලියන් 340 කි. අන්ඩෙසිලියන් එකක් යනු 10 ඉලක්කමට පසු බිංදු 35ක් ලියු විට සෑදෙන සංඛ්‍යාවයි .  IPv6 මගින් නිර්මාණය වන IP ලිපින ප්‍රමාණය කෙතරම් විශාලද කිවහොත් ලොව සිටින ඕනෑම අයෙකුට IPලිපින කෝටි ලක්ෂයක් ලබා දීමට එමගින් හැකියාව ඇත. ලෝක ජන ගහනය මේ වන විට බිලියන 7.8 කි. එනම් කෝටි 780 කි . මේ සෑම පුද්ගලයෙකුම අන්තර් ජලයට තමන් සතු කෝටි ලක්ෂයක් වූ උපාංග අන්තර්ජාලයට සම්බන්ද කල දිනයක IPv6 ලිපින සංස්කරණයෙහි මළගම උදාවේ. නමුත් එය මිහිමත දිනයකදී කිසි විටකත් සිදු නොවිය හැක්කකි. ඒ අනුව මෙම IPv6 ලිපින තවත් චිරාත් කාලයක් අන්තර්ජාලය තුල අපට තොරතුරු හුවමාරුව සඳහා භාවිත කල හැකි වේ. 

                                        කෙසේ වුවත් අන්තර්ජාලය පරිශීලනය කරනු ලබන පරිශීලකයන්ට සැම විටම මෙම IP ලිපින මතක තබා ගනිමින් සෑම විටම අන්තන්ර්ජාලය තුල සැරි සැරීමට අපහසු විය . උදාහරණයක් ලෙස කිවහොත් අන්තර්ජාලයේ වෙබ් අඩවි පරිශීලනය කිරීමේදී එම වෙබ් අඩවිය ගබඩා වී ඇති වෙබ් සේවා දායකයෙහි IP ලිපින මතක තබා ගනිමින් වෙබ් අඩවි ප්‍රවේශ කිරීම දැක්විය හැක .

                                        පරිශීලකයින් එදිනෙද ජීවිතයේදී මෙවැනි වෙබ් අඩවි සිය දහස් ගණන් භාවිත කිරීමේදී ඊට අදාල අංකමය අගයන් සහිත IP ලිපින මතක තබා ගැනීම අපහසු විය . ඊට විසඳුමක් ලෙස වෙබ් අඩවි තාක්ෂණයේදී එම  වෙබ් අඩවි පරිශීලනය සඳහා වසම් නාම (Domain Name ) ක්‍රමය හඳුන්වා දෙනු ලැබිය. ඒ අනුව ,com , .org , .gov  යන කොටස් වලින් සමන් විත වසම් නාම ක්‍රමය ඒ සඳහා හඳුන්වා දෙනු ලැබිය . ඒ අනුව අපට වෙබ් අඩවි පරිශීලනය කිරීමේදී අංකයක් භාවිත නොකොට www.lansaict.lk යනාදී ලෙස වසම් නාම භාවිත කොට එම වෙබ් අඩවි පරිශීලනය කල හැකි විය .

                                      අංක මතක තබා ගැනීමට වඩා මිනිසුන්ට පාඨ මතක තබාගැනීම ,අන්තර්ජාලයේ වෙබ් අඩවි පරිශීලනයේදී කිසියම් අස්වැසිල්ලක් වුවද අප විසින් ප්‍රවේශ කරනු ලබන සෑම වෙබ් අඩවියකම වසම් නාමද මතක තබා ගැනීම සිදුකල නොහැක්කක් විය ඊට පිලියමක් ලෙස සෙව්ම් යන්ත්‍ර (Search Engine) සේවාව හඳුන්වා දෙන ලදී .සෙව්ම් යන්ත්‍රවල ආගමනයත් සමඟ මිනිසුන්ට තමන්ට සොයාගැනීමට අවශ්‍ය කරුණු පමණක් යතුරක් (Key)ලෙස සෙව්ම් යන්ත්‍රයේ කොටුවට ඇතුලත් කිරීමෙන් එම කරුණු සඳහන් විශාල වෙබ් අඩවි  ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය .

ස්තුතියි.