Lansa ICT Academy

Biometrics Technology

ජෛවමිතික තාක්ෂණය

eranga

G.A.E.S. Wicramaarachchi

University of Rajarata

2022 Jan 27

කාර්යාලයේ,සේවා ස්ථානයන්හි මෙන්ම සෙනගක් සිටින ස්ථානයක යමෙක් අනන්‍යව හඳුනා ගැනීම අප කාටත් අපහසු කර්තව්‍යකි.දැනට ලෝකයේ පවතින වසංගත තත්වයත් සමඟ එය තවත් අපහසු වෙමින් පවතී.දැනට ලෝකයේ පවතින තාක්ෂණය උපයෝගී කරගනිමින් යමෙක් අනන්‍යව හඳුනා ගැනීමේ තාක්ෂනය  දැනටමත් භාවිතා කරයි .ඇඟිලි සලකුණ, මුහුණ, කළු ඉංගිරියාව ,පුද්ගලයාගේ ගමන් ලීලාව වැනි ජීව විද්‍යාත්මක ලක්ෂණ පරිගණක පද්ධතියක්  විසින් හඳුනාගෙන පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගෙන් වෙන්කර හඳුනා ගැනීම, ජෛවමිතික තාක්ෂණය (Biometrics) ලෙස හැඳින්වේ.

වචනයෙන් ආගන්තුක ගතියක් දැනුනද පුද්ගලින්ට වඩාත් සමීප තාක්ෂණයකි.මෙම තාක්ෂනය මිනිසාගේ විවිධ උපාංග යටතේ ආකාර කිහිපයකි. එනම්,

                                                 ජෛව මිතික තාක්ෂණයේ වර්ධනය මෑත කාලයේ සිදු වුවද මෙහි ආරම්භය ඈත අතීතයට දිව යයි. ජෛවමිතික හඳුනා ගැනීමේ පද්තිධයක් පිලිබඳ පළමු වාර්ථාව සටහන් වනුයේ 1880 දශකයේ  ආජන්ටිනාවේ විසූ juan Vucetich විසින් අපරාධ කරුවන්ගේ ඇඟලි සලකුණු එකතුවක් ආරම්භ කිරීමත් සමගය.

juan Vucetich

Juan Vucetich

ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ පුරෝගාමී වූ ජුවාන් වුසෙටිච් යනු ක්‍රොඒෂියානු-ආර්ජන්ටිනාවේ මානව විද්‍යාඥයෙක් සහ පොලිස් නිලධාරියෙකි.

                                              මේ වන විට ලෝකයේ බොහෝ අවස්ථාවන්හිදී මෙම තාක්ෂනය භාවිතා කෙරේ. ආයතනයක පැමිණීම සලකුණු කිරීමට,අගුලු යෙදු කාමර වෙත ඇතුල් වීමේදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදී හමුවන smart දුරකථන වලද අපට බල ගැනීමට හැකියාව ඇත . සාමාන්‍යෙන්  අගුලක් විවෘත  කිරීමට තාක්ෂණයේදී මුරපදය (Password) භාවිතා කලද අද වන විට මෙම ජෛවමිතික තාක්ෂනය යොදා ගනී .

ඇඟලි සලකුණ හඳුනා ගැනීමේ තාක්ෂණය.

fingerprint

                                                        දැනට ලෝකයේ සිටින විද්වතුන් සොයාගෙන ඇති ආකාරයට එකම ඇඟිලි සලකුණ දෙදෙනෙකුට පිහිටීමේ හැකියාවක් නොමැත.නිවුන් පුද්ගලයන්ගේද මෙය වෙනස් වන බව දැනට හෙළිවී ඇත.එම නිසා යමෙකු අනන්‍යව හඳුනා ගැනීමට ඇඟිලි සලකුණ තාක්ෂණික ලෝකයේ භාවිතා වේ .

                          ඇඟිලි සලකුණු හඳුනා ගැනීමේ මෘදුකාංග විසින් සිදු කරනුයේ, ඇඟිල්ලක ඇති රේඛා රටාව එකපසක සිට අනික්පසට පිළිවෙලට scan කර එය අංකිත දත්තයක් බවට පරිවර්තනය  කිරීමයි.මෙය තවත් මිනිසෙකුට හඳුනා ගත නොහැකි ආකාරයට Encrypt නැතහොත් වෙනස් කිරීමක් කර ගබඩා කර තබයි .පුද්ගලයා හඳුනා ගැනීමේ අවස්ථාවේදී නැවත පෙර සේ Scan කර පෙර ලබාගත් දත්තය හා ගැලපේනම් තැනැත්තාගේ විස්තරය ලබා ගැනීම හෝ අගුළු විවෘත කිරීම සිදුවේ.මෙලෙස ඇඟිලි සලකුණු ග්‍රහණය කර ගැනීම සඳහා Finger print Scanner භාවිතා කරයි.මේවා භාවිතා කරන තාක්ෂනය අනුව වර්ග කිහිපයකි.

  •  මෙම Scanner යන්ත්‍රය මගින් ඇඟිලි සලකුණ High-resolution චයාරුපයක් ලෙස පරිගණක ගත කරයි.
  • මෙම යන්ඇත්ති‍රයෙහි  Electricity තුලින් ඇඟිල්ලේ ඇති සාම දාරයක්ම ග්‍රහණය කර 3D චායාරුපයක් ලෙස ග්‍රහණය කර ගනී.දැනට භාවිත කරන සුහුරු ජංගම දුරකථන (Smart Mobile Phones) වල මෙම තාක්ෂණය භාවිත වේ.
  • Transmitter එකකින් සහ Receiver එකකින් සමන්විත මෙම Scanner යන්ත්‍රය මගින් ග්‍රාහකයා ඇඟිල්ල Scanner එක මත තැබීමේදී ඇඟිලිසලකුනේ උස,පළල ,කුඩා දාර පවා ග්‍රහණය කර ගනිමින් ඉහල ගුණාත්මක බවකින් යුත් මෙන්ම ඉතාමත් ආරක්ෂාකාරී 3D චායාරූපයක් ලබා ගැනීමේ හැකියාව මෙයට පවතී . අනෙක් scanner යන්ත්‍ර හා සැසඳීමේදී මෙය ඉතාමත් විශිෂ්ට හා ආරක්ෂාකාරී දත්ත ලබා ගන්නා scanner යන්ත්‍රයකි.  

මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂණය.

                                                     ලෝකයේ මිනිසුන් කෙනෙකුගෙන් තවත් අයෙක් වෙන් කර හඳුනා ගන්න ප්‍රධානතම ක්‍රමයක් විදිහට මුහුණ දැක්විය හැක .මෙය ලෝකයේ පුද්ගලයන්ගේ එකිනෙකට වෙනස් බව විද්වතුන් සොයාගෙන ඇත. මෙම තාක්ෂණය පරිගණක ගත කිරීමෙන් ජෛවමිතික  හඳුනා ගැනීමේතාක්ෂණයක් ලෙස දැනට ලෝකයේ භාවිත වේ . මුහුණේ ස්වභාවය,ඇසේ සිට අහි බැම්මට ඇති දුර වැනි මුහුණේ යම් යම් අයිතම සඳහා වූ දුර ප්‍රමාණයන් හා නළලේ ඇති වර්ගප්‍රමාණය වැනි ප්‍රමාණයන්ද පරිගණක කැමරාව මගින් Scan කර, මුහුණු වෙන් වෙන්ව හඳුනා ගැනීම මෙමපද්ධති මගින්  සිදු කරයි.මෙලෙස මුහුණේ වෙනස් වෙනස් ලක්ෂ හඳුනා ගනිමින් එකිනෙක වෙන්කර හඳුනා ගැනීම සිදුකරයි. මෙයද ඇඟිලි සලකුණ හඳුනා ගැනීමේ තාක්ෂණය ලෙසම සත්‍යාපන කාර්යය සිදු කරයි.

කළු ඉංගිරියාව හඳුනා ගැනීමේ තාක්ෂණය.

                                               තාක්ෂණයේ දියුණුවත් සමග නොයෙක් නොයෙක් තාක්ෂනයන් සොයා ගැනේ .ඇසේ කළු ඉංගිරියාව පරික්ෂ කිරීමෙන් පුද්ගලයන් වෙන් කර හඳුනා ගැනීමේ තාක්ෂණයතාක්ෂණය තැබූ තවත් පියවරකි .කළු ඉංගිරියාව තුල ඇති පටක සැකසී ඇති නිශ්චිත රටාව හඳුනාගෙන  එහි ඇති තොරතුරු චිපයක ගබඩා කර ගැනීමකින් මෙම හඳුනා ගැනීම ආරම්භ වේ.මෙම කළු ඉංගිරියාවේ ඇති සෛල සකකි ඇති රටාව කුමන වයසේ පසු වුවත්  වෙනසක් නොවන බව සොයාගෙන ඇත .එම හේතුව නිසා මෙම ජිව මිතික තාක්ෂණ ක්‍රමය අනෙකුත් තාක්ෂණයන්ට සාපේක්ෂව ඉතාමත් විශිෂ්ට ආරක්‍ෂිත මෙන්ම විශ්වාසනීය ජිව මිතික තාක්ෂණයක් ලෙසට හඳුන්වා ඇත.මෙයද අනෙකුත් තාක්ෂනයන් ලෙසම සත්‍යාපන කාර්යයය සිදුකරනු ලබයි.

අල්ල හඳුනා ගැනීමේ තාක්ෂණය නොහොත් රුධිර වාහිනී හඳුනා ගැනීමේ තාක්ෂනය

                                           ජෛවමිතික තාක්ෂණයේදී තවත් විශේෂ ස්ථානයක් හිමි වෙන තාක්ෂණයක් ලෙස අල්ල පරික්ෂ කිරීමේ තාක්ෂනය හඳුනා ගත හැක .අල්ල පරික්ෂ කිරීමක් ලෙස මෙය දැක්වුවද .අල්ලේ භාහිර රේක ගැනීමක් නොව අපගේ රුධිර වාහිනිවල සිතියමක් නැතිනම් රටාවක් ලබා ගනී මෙයද ඉතා ආරක්ෂාකාරී තාක්ෂණයක් ලෙස හැඳින් විය හැක ..

palm recognition

                                    මෙහිදී පරික්ෂ කිරීමේ scanner යන්ත්‍රය මගින් නිශ්චිත තැනකට අධෝරක්ත කිරණ එල්ල කර රුධිර වාහිනී පිහිටා ඇති රටාව හඳුනා ගනී . මෙය මිනිසාගේ සැමට හෝ මිනිසාට අහිතකර දෙයක් නොවන බව සොයාගෙන ඇත.මෙයද අනෙකුත් තාක්ෂනයන් ලෙස සත්‍යාපනය සිදුවේ .ඉතාමත් ආරක්ෂා කාරී ක්‍රමයක් ලෙස මෙය හැඳින්වේ

 කටහඬ හඳුනා ගැනීමේ තාක්ෂණය.

                                         කටහඬ සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් කෙනෙකුට සමාන බව අප සිතුවද එකිනෙකාගෙන් වෙනස් හැඳුනුම් පතක් ලෙස දැනට ලෝකයේ කටහඬ භාවිත වේ. මෙම වෙනස පරිගණක මගින් හඳුනා ගනු ලබන ආකාර කිහිපයකි .කටහඬේ සැර, හඬ උත්පාදනය කරනු ලබන ස්වරාලයේ තන්තුවල කම්පන සංඛ්‍යාතය,ස්වරාලයේ හැඩය අනුව වෙනස් වන හඬේ ස්වභාවය, පුද්ගලයා කටහඬ භාවිතා කරන තාලය හා වචන හා අකුරු අතර තබා ගන්න ඉඩ ප්‍රමාණය වැනි කටහඬේ කොටස් විශාල ප්‍රමාණයක් මෙම පරිගණක විසින් හඳුනා ගනී මෙයද සත්‍යාපනය කිරීම පෙර සඳහන් කල ආකාරයටම සිදුවේ .මෙය කළු ඉංගිරියාව හඳුනා ගැනීමේ තාක්ෂනය තරම් වැඩි ආරක්ෂාවක් හා විස්වාසනීය බවක් නැති උවත් .හොඳ ඩිජිටල් හැඳුනුම් පතක් ලෙස භාවිත කිරීමේ හැකියාව ඇත.

අත්සන හඳුනා ගැනීමේ තාක්ෂණය.

                                   මෙම ක්‍රමය සාමාන්‍ය  ජීවිතයේදී අපට හමුවේ. අත්සන කෙනෙකුගේ අනන්‍ය හඳුනුමක් ලෙස භාවිතා කිරීම සිදුවේ. මෙය ඩිජිටල් හැඳුනුම් ක්‍රමයක් ලෙස භාවිත කිරීමට ලෝකය නැබුරු වීමක් දැකිය හැක .සිම්පතක් ලබා ගැනීමකදී ඔබේ අත්සන tablet එකක හෝ Digitizing tablet එකක ලබා ගනී .මෙහිදීද පෙර තාක්ෂණයන්ගේ මෙන් අත්සන හඳුනා ගැනීමේ ආකාර කිහිපයක් පවතී. අත්සන සටහන් කරන වේගය අකුරු ලිවීමේදී බලය යොදන ආකාරය වැනි ඒවා ඉන් කිහිපයකි.

ගමන් ලීලාව හඳුනා ගැනීමේ තාක්ෂණය.

gait recognition

                                 පුද්ගලයන් ගමන් කරන ආකාරය අනුවද හඳුනා ගැනීමේ තාක්ෂණයක් දැනට ලෝකයේ පවතී. පුද්ගල ගමන් කරන ආකාරය එනම් , පදයක් තබා තවත් පදයක් තබන දුර , අනෙක් පාදය ගැනීමට ගතවන කාලය වැනි කොටක් මෙහිදී සලකා බැලේ .මෙවැනි විශාල දත්ත ප්‍රමාණයක් ගෙන පුද්ගලයාගේ ගමන් ලීලාව පිළිබඳව සංවිධිත දත්තයක් සැකසා ගනී.මේවා තුලින් පුද්ගලයා අනන්‍යව හඳුනා ගනී.