Lansa ICT Academy

Cryptocurrency

ගුප්ත මුදල්

J.M Kethaki Harini Jayasundara

J.M.K. Harini Jayasundara

University of Kelaniya

2022 Jan 29

cryptocurrency

අප භාවිතයට ගන්නා සියලුම මුදල් හා නෝට්ටු මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම සිදුකරන්නේ ඒ අදාළ රටට අයත් මහා බැංකු (central bank) විසිනි. එමෙන්ම මුදලේ අගය සහ පොලී අනුපාතයද රටක මහා බැංකුව විසින් තීරණය කරයි. මුදල් බෙදාහැරීම හෝ වැඩියෙන් මුද්‍රණය කරන විට එක මුදල් ඒකකයක ඇති වටිනාකම අඩුවේ. මෙය උද්දමනය(Inflation) ලෙස හඳුන්වයි. එමෙන්ම රටකින් රටකට භාවිතා කරන මුදල් ඒකකය වෙනස් නිසා ජාත්‍යන්තරව මුදල් ගනුදෙනු කිරීම අපහසුය.

                                                2007-2009 වැනි කාල වකවානුව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම යුරෝපයේ Subprime Mortgage Bubble යන මුල්‍ය අර්බුදය ඇරඹුණි. එනම්, ජනතාව වැඩි වශයෙන් දේපළ වෙළඳාම් සඳහා ආයෝජනය කළ නිසා එය මුල්‍ය වෙළඳපලට දරා ගත නොහැකි තරම් පාඩුවක් ඇති කළේය. අමෙරිකාවෙන් ආරම්භ වූ මෙම අර්බුදය හේතුවෙන් දේපල වෙළඳාම්(Real Estate Market) බිඳ වැටීමට පටන් ගැනිණි. අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉක්මවා ගිය ගනුදෙනුකරුවන් නිසා සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට තම ආයෝජන වලට දරන ලද අවදානම දරාගත නොහැකි විය. එම නිසා මෙම Real Estate Market එක කඩා වැටුණි. 2009 පමණ වන විට ඇමෙරිකාවේ ප්‍රධාන බැංකු එකින් එක බිඳ වැටුණි. එයත් සමඟම ලෝකයේ බැංකු මත ගනුදෙන්කරුවන්ට තිබු විශ්වාසය නැති විය. එය සමාජයේ විශාල ප්‍රශ්නයක් බවට පත් විය.මේ සියල්ලටම සාර්ථක විසඳුමක් ලෙස සතොෂි නකමොටෝ (පුද්ගලයා හෝ කණ්ඩායම) විසින් Cryptocurrency නම් නව සංකල්පයක් ලොවට ඉරිපත් කළේය. එම විද්‍යුත් මුදල් පද්ධතිය ලොව මුල්‍ය ක්ෂේස්ත්‍රයේ හැරවුම් ලක්ෂය බවට පත් විය.

Satoshi_nakamoto

Satoshi Nakamoto

සතෝෂි නකමොටෝ යනු බිට්කොයින් සංවර්ධනය කළ, බිට්කොයින් ධවල පත්‍රිකාව රචනා කළ සහ බිට්කොයින් හි මුල් විමර්ශන ක්‍රියාවට නැංවීම සහ යෙදවීම යන උපකල්පිත ව්‍යාජ පුද්ගලයා හෝ පුද්ගලයින් විසින් භාවිතා කරන නමයි.

                                                මෙම ඩිජිටල් මුදල් ඒකකය කිසිදු රටකට හෝ රජයකට පාලනය කළ නොහැකි අතර 2022 ජනවාරි මස වන විට ලොව පුරා Cryptocurrencies වර්ග 8000කට අධික ප්‍රමාණයක් ගණනය කර ඇත. ඒවා අතරින් ලොවට මුලින්ම හඳුන්වා දුන් සහ දැනට ලොව වැඩිම ඉල්ලුමක් සහිත Cryptocurrency වර්ග වන්නේ Bitcoinය. Bitcoin 1ක දළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් (USD) 35,269.70ක් පමණ වේ. එය ලංකාවේ මුදල් වලින් රුපියල් (LKR) 7,142,345.09ක් පමණ වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මහා බැංකුවකින් හෝ රජයකින් මෙම මුදල් පද්ධතිය පාලනය කළ නොහැකි වීමයි.මෙය සම්පූර්යෙන්ම මෘදුකාංග පද්ධතියක් (software system) මත පාලනය වීමයි

                                            උදාහරණයක් වශයෙන්, Bitcoin මඟින් ගනුදෙනු කරන පුද්ගලයෙක්ට තමාගේ ගිණුම් වාර්තා පහසුවෙන් වෙනස් කිරීමට අවස්ථාවක් ලැබේ,මන්ද එය පරිගණකයක් තුළ ගබඩා කර ඇති හුදෙක් ඩිජිටල් ගොනුවක්(digital record) වීමයි. එය copy + paste කර තමාට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට හැකි වීම මෙහි ඇති වූ ප්‍රධාන ගැටලුවයි. මෙය ඩිජිටල් වල ද්විත්ව වියදම් ගැටලුව(Double spending problem in digital currency)ලෙස හඳුන්වයි. එය සිදු කිරීමට නොහැකි වන පරිදි සතොෂි නකමොටෝ විසින් ප්‍රායෝගිකව භාවිත කළ හැකි සාර්ථක ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එම යෝජනා ක්‍රමය විමද්‍යගත ලෙජරයයි (Decentralized ledger).

Cryptocurrency

ලොව සිදුවන සියලුම ඩිජිටල් ගනුදෙනු මෙහි සටහන් වන අතර එය සංකේතනය(Encrypt) කර ඇත. එය සංකේතන ක්‍රමයට (Encryption Method) අනුව තැන්පත් වන අතර එයට පෞද්ගලික යතුරු (Private Keys) භාවිතා කිරීමෙන් ප්‍රවේශ විය හැක. එමෙන්ම මෙහි තෙවන පාර්ශවයකට ඇතුළත් නොවීමට සහ ආරක්‍ෂිත බව තහවුරු කිරීමට ගුප්තකේතනය (Cryptography) භාවිතා කරයි.(Cryptography යනු දෙවන ලෝක යුද්ධයේ පටන් රහස් හුවමාරු කරගැනීමේ ජනප්‍රිය ක්‍රමයකි).

          නමුත් මෙම පද්ධතියට රහසිගත අයුරින් යම් කිසි පුද්ගලයෙක්ට ඇතුලත් වීමට හැකි වුවහොත් එමඟින් මුළු පද්ධතියම බිඳ වටේ. එම ගැටලුවට විසඳුමක් වශයෙන් Decentralized ledgerය භාවිත වන අතර එය සංකේතනය වූ පසු ලෝකය පුරා ඇති පරිගණක දසදහස් ගණනකට මුල්‍ය ගනුදෙනු තොරතුරු යාවත්කාලීන කල හැක. එමෙන්ම යම්කිසි පුද්ගලයෙකුට මෙම පද්ධතිය hack කිරීමට අවශ්‍ය වුවහොත් එම පුද්ගලයට ලොව ඇති සියලුම පරිගණක වලට ප්‍රවේශ වීමට සිදු වේ. එයින් මෙම Decentralized ledgerයේ ඇති ආරක්‍ෂිත බව ඔබට වටහා ගත හැකිය. එපමණක් නොව, Decentralized ledgerට අමතරව මෙම පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා කොටස් වශයෙන් වෙන් කර ඇති අතර එහි එක කොටසක් බ්ලොක් එකක් (block ) ලෙස හඳුන්වයි. යම්කිසි කාලයකට පසුව එම Block එකට අලුත් block එකක් සැකසීමටද, කලින් තිබුන block එකක හෑෂ් කෝඩ්(hash code) එක යොදා ගනිමින් නව block එකක් සකසා එය තුළ දත්ත තැන්පත් කල හැකිය. (Hash code යනු ගණිතමය ගණනයකි. එය භාවිතයෙන් දිගු සංඛ්‍යාවක් කෙටි ඉලක්කමක් බවට පරිවර්තනය කළ හැක). එහි ඇති සංකීර්ණත්වය නිසා block එකක් තුළ ගබඩා කර ඇති දත්ත අනුමාන කර ඒවා හොරෙන් ලබාගැනීම කල නොහැක.එමඟින් ලේජරයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරයි. එවැනි block විශාල ප්‍රමාණයක් Hash codes මඟින් එකිනෙකට සම්බන්ධ කර ඇති නිසා එය බ්ලොක් චේන් (block chain) ලෙස හඳුන්වයි.

ක්‍රියාකාරිත්වය අනුව Cryptocurrencies විවිධ කාණ්ඩ වලට වර්ග කෙරේ. ඒවාගෙන් කිහිපයක් උදාහරණ සමඟ පහත දැක්වේ.

Blockchain-mining-cryptocurrency works-blockchain-mining
  • Stable coins :-                                  

                      –  මේවාට Fiat (Fiat යනු අප භාවිත කරන සාමාන්‍ය මුදල් ඒකකයන්ය. උදා :- LKR USD EURO) හෝ cryptocurrencies හෝ වෙළඳ භාණ්ඩයක් මඟින් පිටුබලය ලැබේ.

             උදා :- Tether, USDC, DAI

  • Proof of Stake (PoS System) :-                                 

                        – මෙම යාන්ත්‍රණය පරිශීලකයන් අතර ගනුදෙනු නියාමනය කරයි.

              උදා  :- Ether, Cardano, Solana

  • DeFi(Decentralized Finance) :-

                    – මෙම යෙදුම සාම්ප්‍රදායික මුල්‍ය අංශ කඩාකප්පල් කිරීම සඳහා පොදු අවහිර කිරීමක් ලෙසද crypto වත්කම් භාවිතා කරන අංශ වෙතද යොමු වේ.

           උදා :- Uniswap, Chainlink, Aave

  • NFT (Non-Fungible Tokens):-

                          – මේවා බ්ලොච්ක් චෛන් තාක්ෂණය මඟින් ආරක්ෂාව සහ පිටුබලය ලබන ඒවා වේ. ඒවා සත්‍යාපනය කළ හැකි අතර අනුපිටපත් කළ නොහැක.

                 උදා :- Algorand, Chiliz

Crypto mining යනු කුමක්ද?

Cryptocurrency mining

                         සරලව Crypto mining යනු කැනීම්කරුවන් (Miners) විමධ්‍යගත ලෙජරය ඔවුන්ගේ පරිගණකයට බාගතකොට අලුතෙන් එන ගනුදෙනු වාර්තා (Transaction Records) ඇල්ගොරිතම (Algorithms) භාවිතා කර තහවුරු කරගනිමින් ගබඩා කර ගැනීමයි. මේ සඳහා ඔවුන්ට මුදල් සහ විශාල සැකසුම් පිරිවැයක් අවශ්‍ය වේ. Crypto mining මඟින් ගනුදෙනු වාර්තා විශාල ප්‍රමාණයක් සත්‍යාපනය කරගැනීමට කැනීම්කරුවන්ට හැකි වුවහොත් එයින් ඔවුන්ට නොමිලේ යම්කිසි මුදලක් හිමිවේ. එම නිසාම මෙහි තරඟකාරීත්වය වැඩිය. එමඟින් කාලයත් සමඟම එම ත්‍යාග මුදලේ වටිනාකම අඩුවේ.

 

 Crypto mining ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ අවාසි

                                   නමුත් මෙහි ඇති වටිනාම සාධකය වන්නේ ඕනෑම අයෙකුට තමාගේ අවශ්‍යතාවය අනුව Cryptocurrency වර්ගයක් තමන් විසින්ම නිර්මාණය කරගත හැකි වීමයි. ඒ සඳහා ඔබට Ethereum, NEO සහ EOS වැනි යෙදවුම් භාවිතා කළ හැක.